Gossips

Hot gossips around the country.

සිරකරුවන්ට වැටුප් සහිත විදෙස් රැකියාවක්

සිරකරුවන්ට වැටුප් සහිත විදෙස් රැකියාවක්

සිරගෙදර රැඳවියන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වමින් ඔවුන්ට විදෙස් භාෂාවක් ද ඉගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රැඳවියන් 5000ක් සහභාගී කරවා ගැනීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 300ක විදේශ විනිමයක් මෙරටට ලබාගැනීමට ද අපේක්ෂිතයි. පුහුණුවෙන් අනතුරුව ඔවුන් නිදහස් වීමෙන් පසු විදෙස් […]

ගංගාරාම නවම් මහා පෙරහැර 42 වන වරට විදි සරයි

ගංගාරාම නවම් මහා පෙරහැර 42 වන වරට විදි සරයි

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරයේ 42 වන වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය ආරම්භ වී අද අලුයම අවසන් වුණා. මෙම පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා වෙත තැම්පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින්. මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , චමල් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.

අගමැති මහින්දට උණුසම් පිළිගැනීමක්

අගමැති මහින්දට උණුසම් පිළිගැනීමක්

දින 4 ක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි. දෙරටේ අගමැතිවරු අද (8 වැනිදා) පෙරවරුවේදී නවදිල්ලියේ අග්‍රාමාත්‍ය මන්දිරයේදී විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

ඉදිරි වසර පහ තුල “ගරු මන්ත්‍රීතුමා” යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන්න

ඉදිරි වසර පහ තුල “ගරු මන්ත්‍රීතුමා” යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන්න

කථානායක කරු ජයසුරිය අද (8) මහනාහිමිවරු හමුවුණා. එහිදී අදහස් දැක්වූ කථානායකවරයා කියා සිටියේ ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ […]

ඇමතුම් , අන්තර්ජාල සඳහා බදු අඩු නොවුනේ නම් දන්වන්න

ඇමතුම් , අන්තර්ජාල සඳහා බදු අඩු නොවුනේ නම් දන්වන්න

විදුලි සංදේශ සේවා සඳහා රජය ලබාදුන් බදු සහන ඉකුත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව කිසියම් සේවාදායක සමාගමක් එම සහන ලබා නොදී තවදුරටත් වැඩිපුර බදු අය කරන්නේ නම් ඒ පිළිබඳ වහාම තමන් දැනුවත් කරන ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. බදු සහනය ක්‍ෂණිකව […]

අලුත් වූ ම්තුදම්

අලුත් වූ ම්තුදම්

2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ තරංජිත් සිං සන්දු මහතා සිය ධුරයට සමුදීම නිමිත්තෙන් නිල සාදය පෙරේදා (27) ‘ඉන්දියා හවුස්’ හීදී පැවැත් වුණා. එම සාදයේ විශේෂත්වය වන්නේ මෙරට දේශපාලනයේ පැරණි මිතුදම් ආවර්ජනය කරන අවස්ථාවක් බවට පත්වීම හේතුවෙන්. වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා […]

ක්‍රිබ් එකේ හිටියට ණය දෙන්න

ක්‍රිබ් එකේ හිටියට ණය දෙන්න

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලින් ඉල්ලීමක් කරනවා. ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයෙකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් […]

රන්ජන්ගේ හඬ පට සභා ගත කරේ නැත්තේ ඇයි ?

රන්ජන්ගේ හඬ පට සභා ගත කරේ නැත්තේ ඇයි ?

සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට පෙරේදා (22 වැනිදා) භාර දුන් දුරකථන සංවාද පහළොස් දහසක් අඩංගු සීඩී පට පහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා (22) මෙම සීඩී පට පහ තමන් ඉදිරියේදී මහලේකම්වරයාට භාර දුන් බවත් […]

රාජපක්ෂ පාලන සමයේත් බැදුම්කර වංචාවක් සිදු වෙලා

රාජපක්ෂ පාලන සමයේත් බැදුම්කර වංචාවක් සිදු වෙලා

වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති කෘත්‍යයක් පවතින නිසා එම කොටස ප්‍රසිද්ධ කළ නොහැකි ය. 2005-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් රජයට රු. බිලියන 10.47ක් පාඩු වූ බව මෙම වෝහාරික […]

රේනෝගෙන් හිරුණිකාට සහ රන්ජන්ට අභියෝගයක්

රේනෝගෙන් හිරුණිකාට සහ රන්ජන්ට අභියෝගයක්

තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු මන්ත්‍රීවරුන් දෙපළට අභියෝග කරනවා. කිසිඳු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව […]