Gossips

Hot gossips around the country.

යුක්රේන ගුවන්යානයේ සිටි මගීහු 180දෙනාම මරුට

යුක්රේන ගුවන්යානයේ සිටි මගීහු 180දෙනාම මරුට

යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය ගොස් තිබේ. එම ගුවන් යානය බෝයිං 737 වර්ගයේ යානයක් බවත්, ටෙහෙරානයේ පිහිටි ඉමාම් කොමෙයිනි ගුවන් තොටුපළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ. යුක්රේනයේ කිවී නුවර පිහිටි බොරිස්පිල් ගුවන් තොටුපළ බලා ගමන් ගනිමින් තිබූ […]

සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට

සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට

ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මිත්‍රවී ඇය දූෂණය කර ඡායාරූපගත කරමින් අන්තර් ජාලයට මුදා හළ බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. සැකකරු නිට්ටඹුවට නුදුරු ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකි. මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ […]

රංජන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් කියයි

රංජන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. මෙම විනය පරීක්ෂණ මත අද හෝ හෙට දිනයේදී පක්ෂය රන්ජන් රාමනායක මහතා සම්බන්දයෙන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (8) එක්වෙමින් […]

ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි

ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන අප්‍රේල් මාසයට පෙර ආදර්ශ තැපැල් කාර්යාල බවට පත් කිරීමට කටයුතු යොදා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ සමඟ උප තැපැල් කාර්යාල 500 ක්ද,අන්තර්ජාල පහසුකම් සහිතව ජාලගත කිරීමට කටයුතු […]

ගුවහටි තරගය වැස්සට සේදෙයි

ගුවහටි තරගය වැස්සට සේදෙයි

දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (5 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 තරගය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි. තරගය අතහැර දැමීමට ප්‍රධානතම හේතුව වූයේ තණතීරු ආවරණවල වලට යටින් තණතීරුවට වැසිදිය කාන්දු වී තිබීමයි. තරගය අතහැර දමන බවට නිල වශයෙන් නිවේදනය කරන විට රාත්‍රී 9.55 පමණ වී තිබිණ. ඒ […]

විශේෂ ගණයේ අපරාධකරුවන් අධිකරණයට ගේන්න එස්.ටී.එෆ් ආරක්ෂාව

විශේෂ ගණයේ අපරාධකරුවන් අධිකරණයට ගේන්න එස්.ටී.එෆ් ආරක්ෂාව

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සැකකරුවන් කොළඹ ඇතුළු තදාසන්න අධිකරණවෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂාව සැලසීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ඒ අනුව අද ( 06) එම ආරක්ෂාව යටතේ කංජිපානී ඉම්රාන් ඇතුළු මත්කුඩු හා පාතාල අපරාධකරුවන් කිහිප දෙනකුම කොළඹ අධිකරණ වෙත ඉදිරිපත් කර ඇත. මෙම ආක්ෂාව නොලබීම හේතුවෙන් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරුන් […]

බඩඉරිඟු-රටකජු ආනයනය නවතී

බඩඉරිඟු-රටකජු ආනයනය නවතී

බඩ ඉරිඟු සහ රටකජු ආනයනය කිරිම ජනවාරි 1 දා සිට අත්හිටුවිමට රජය පියවර ගත් බව වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද (6) පැවසීය. ග‍්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීම සහ ගොවීන් ශක්තිමත් කිරිමේ අරමුණු කරගනිමින් රජය මේ තීරණය ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ වගාකළ හැකි කිසිදු ධාන්‍යයක් ආනයනය නොකිරිමට ඉදිරියේ […]

සංවර්ධන ලොතරැුයි මණ්ඩල ඉතිහාසයේ බිහිවූ දැවැන්තම කෝටිපති ජයග‍්‍රාහකයාට අගමැති අතින් චෙක්පත ප‍්‍රදානය කෙරේ

සංවර්ධන ලොතරැුයි මණ්ඩල ඉතිහාසයේ බිහිවූ දැවැන්තම කෝටිපති ජයග‍්‍රාහකයාට අගමැති අතින් චෙක්පත ප‍්‍රදානය කෙරේ

එදා මෙදා තුර සංවර්ධන ලොතරැුයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු. 145,029,213ක මුදල පසුගියදා කෝටිපති කප්රුක 153 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර මලංගම ප‍්‍රදේශයේ කුමාර ප‍්‍රියන්ත මහතාට අදාළ චෙක්පත් ප‍්‍රදානය කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. එම ජයග‍්‍රාහී ලොතරැුයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්. […]

කොටවෙහෙර දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් පොලිස් නිලධාරිනියන්ගේ වැඩ තහනම්

කොටවෙහෙර දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් පොලිස් නිලධාරිනියන්ගේ වැඩ තහනම්

නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දී දැරියකට පහර දීමේ සිද්ධියට අදාළ පැමිණිලිල්ල භාර නොගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. මේ අනුව පැමිණිල්ල බාර නොගත් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහිම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ අත්හිටුවා තිබේ.

න්ජන්ට ඇප – විදෙස් ගමන් තහනම්

න්ජන්ට ඇප – විදෙස් ගමන් තහනම්

රන්ජන්ට එරෙහිව චෝදනා 6ක් -බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (05 වැනිදා) සවස නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය. එසේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක්ද අධිකරණයෙන් පනවනු ලැබිණි. […]