Gossips

Hot gossips around the country.

කිලිනොච්චියේ පිපිරීමෙන් තුවාල ලැබූ හිටපු LTTE සාමාජිකයා මිය යයි

කිලිනොච්චියේ පිපිරීමෙන් තුවාල ලැබූ හිටපු LTTE සාමාජිකයා මිය යයි

කිලිනොච්චිය – පලෙයි ඉයක්කච්චි ප්‍රදේ්ශයේ නිවසකදි දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියගොස් ඇති බව අප කළ විමසීමකදී පලෙයි පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති සුරංග ජයතුංග සඳහන් කළා. ඔහු වයස අවුරුදු 44 ක් පමණ වන පලෙයි ඉයක්කච්චි ප්‍රදේ්ශයේම පදිංචිකරුවෙක්. පසුගිය තුන්වනදා අදාළ සිද්ධියෙන් තුවාල […]

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියේ තවත් නාකොටික් නිලධාරියෙක් CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියේ තවත් නාකොටික් නිලධාරියෙක් CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සේවය කරන තවත් නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ රාගම ප්‍රදේශයේදී පදිංචි පොලිස් කොස්තාප්ල්වරයෙක්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ වන විට ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රශ්න කරමින් සිටින […]

නාකොටික් IP පොලිසියට එයි

නාකොටික් IP පොලිසියට එයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා පොලිසියට භාරවී තිබෙනවා. පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නැමති එම නිලධාරියා කඩවත පොලිසියට භාර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලිබිල වැඩිවීම ගැන සෙවු කමිටුවේ වාර්තා හෙට අමාත්‍ය මණ්ඩලයට

විදුලිබිල වැඩිවීම ගැන සෙවු කමිටුවේ වාර්තා හෙට අමාත්‍ය මණ්ඩලයට

කොවිඩ් 19 ඇඳිරිනීතිය පැවති අප්‍රියේල් සහ මැයි මාසවල විදුලිබිල වැඩිවී ඇතැයි මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර විසින් පසුගිය සතියේ පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටු වාර්තාව අද (07) දින පෙරවරුවේ කමිටු සභාපති අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් විසින් අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය. විදුලි බිලට […]

වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට තහනම්

වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට තහනම්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳීවියන් බැලීමට අමුත්තන් පැමිණීම සඳහා ලබාදී තිබු අවසරය යලි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රැඳවීයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් අද දිනයේදී වාර්තා වීමත් සමගයි. මෙම රැඳවියා රඳවා සිටි වැලිකඩ (I) වාට්ටුවේ සිටි 100 කට ආසන්න රැඳවියන් සහ ජුනි 26 වෙනිදා […]

My Bus-SL ඇප් එක නිකුත් වෙයි

My Bus-SL ඇප් එක නිකුත් වෙයි

මගී ප්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණෙන් සකස් කරන ලද My Bus-SL ජංගම දුරකථන යෙදවුම අද දින(07) නාරාහේන්පිට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ දී දියත් කරනු ලැබිය. මෙම ජංගම දුරකථන යෙදවුම තුළින් මගී ජනතාව සදහා පහසුකම් රැසක් ලබා දී ඇත. ඒ අනුව බස් රථ කාල සටහන, බස් රථයක් ගමන් ගන්නේ නම් එය දැනට පවතින ස්ථානය, ගමන […]

නානුඔය ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නානුඔය ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් අද (06) සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. ලොරි රථයේ රියදුරා හා රිය සහායකවරයා මෙසේ තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර තිබේ. ඒරාවුර් ප්‍රදේශයේ සිට බගවන්තලාව ප්‍රදේශයට සහල් තොගයක් […]

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දේශ සිමා වසා දමයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දේශ සිමා වසා දමයි

ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගර දෙකක් වන වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දෙක අතර දේශ සීමාවන් වසා දැමීමට ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ මෙල්බර්න් නගරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන්. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ රෝගී ගෙන් සීයයට 95ක් වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රයෙන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ලබන බදාදා දින සිට මෙම ප්‍රාන්ත දෙක […]

කුසල් මෙන්ඩිස්ට ඇප

කුසල් මෙන්ඩිස්ට ඇප

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා. සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ සියලුම චෝදනා ඇප ලබාදිය හැකි ඒවා බැවින් ඔහු ඇප මත මුදාහළ අධිකරණය මරණකරුගේ බිරිඳට අගති විරහිතව රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට ද […]

සිබිල් වෙත්තසිංහ නැන්දා දිවි ගමනට සමු දෙයි

සිබිල් වෙත්තසිංහ නැන්දා දිවි ගමනට සමු දෙයි

ප්‍රවීන ළමා ලේඛිකා හා චිත්‍ර ශිල්පිනි සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඇය මිය යන විට 93 […]