Features

Features

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ වේ.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ වේ.

මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පැවසුවේ ලබන සතියේදී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ කරන බවයි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ලබන ජූනි මාසයේදී විවෘත කරන බවත් ,කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කරන බව  අමාත්‍යාංශය පැවසුවේය. චීන ණය ආධාර මත මෙහි ඉදිකිරිම් ක්‍රියාත්මක වේ.

කටුනායක ඇඟළුම් කම්හලක ගින්නක්!

කටුනායක ඇඟළුම් කම්හලක ගින්නක්!

එම ගින්න හටගෙන ඇත්තේ අද පෙරවරු 8.30ට පමණය.පොලිසිය විසින්  ගිනි නිවීමේ ඒකකය කැඳවා මේවන විට ගින්න මැඩපැවැත්වීමේ කටයුතු ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ගින්නට හේතුවක්, ඉන් සිදුවූ හානියක් ගැන ‍මෙතෙක් ‍ෙතාරතුරක් වාර්තා වී නැති බවය.

අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අග්ගමහ පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ගේ අපවත් වීම සම්බන්ධයෙන් ඇමරිකාව ශෝකය පල කරයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අග්ගමහ පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ගේ අපවත් වීම සම්බන්ධයෙන් ඇමරිකාව ශෝකය පල කරයි.

ආදර්ශමත් දිවි පෙවෙත සහ බුදු දහම තුළින් ජීවිතය නගාසිටුවීමට දරණ ලද නොපසුබට උත්සහය හේතුවෙන් බුද්ධරක්ඛිත මහ නාමියන් ශ්‍රී ලංකිකයන්ගේ මෙන්ම අමෙරිකානුවන්ගේ ද මහත් ගෞරවයට පත් වූ බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වූයේය. මේ වන විට මහ නා හිමියන්ගේ ශ්‍රී දේහය  මහනුවර අස්ගිරි මහ විහාරයට අයත් උඩුගම විහරස්ථානයේ තැම්පත් කර තිබේ.

මැණික් පතලක් කඩාවැටී 4ක් මරුට

මැණික් පතලක් කඩාවැටී 4ක් මරුට

අද පෙරවරු 9ට පමණ, රත්නපුර, ගිලීමලේ තට්ටු 20ක පමණ මැණික් පතලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේවන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙලෙස මිය ගොස් අතේ, වයස අවුරුදු 30- 55ත් අතර සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

හෙට සිට අප්‍රේල් 21 වැනිදා දක්වා පාසල් නිවාඩු

හෙට සිට අප්‍රේල් 21 වැනිදා දක්වා පාසල් නිවාඩු

2015 වසරේ ජනවාරි මස ඇරඹුණු සිංහල සහ දෙමළ පාසල්වල පළමු පාසල් වාරය හෙටින් (08) අවසන් වෙයි. එම පාසල්වල දෙවන පාසල් වාරය අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. එමෙන්ම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය ලබන 10 වන දින අවසන් වන අතර දෙවන පාසල්වාරය අප්‍රේල් 20 දින ආරම්භ වීමට නියමිතය බව එම […]