Author: Moira

ඇමරිකානු නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

ඇමරිකානු නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සදහා ඇමරිකාවට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දින 08 ක නිල සංචාරය සාර්ථකව නිමවා අද (02) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය. අද ප.ව 4.05 ට පමණ එමරේට්ස් ගුවන් සේවයට අයත් AK 654 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා දිවයිනට පැමිණි අතර මාතෘ භූමියේ කීර්තිනාමය ලොව හමුවේ දිග් විජය […]

සේයා දැරිය ඝාතනය – මුල් සැකකරුවන් යළි රිමාන්ඩ්

සේයා දැරිය ඝාතනය – මුල් සැකකරුවන් යළි රිමාන්ඩ්

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් 17 හැවිරිදි හා 33 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ලබන මස 2 වැනිදා තෙක් යලි රිමාන්ඩ් කර ඇත. ඒ අනුව සැකකරුවන් දෙදෙනා ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, පසුව මෙම නියෝගය දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය. තවද පසුගියදා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් […]

2016 අය වැය නොවැම්බර් 20දා මැතිසබයට!

2016 අය වැය නොවැම්බර් 20දා මැතිසබයට!

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කිය සිටියේ, 2016 වසර සඳහා වන නව රජයේ පළමු අය වැය ලේඛනය නොවැම්බර් 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ක්ෂේත්‍ර කිහිපයක අදහස් විමසා එම අය වැය ලේඛනය සකස් කර ඇති බවත්, එමගින් ජනතාවට සහන රැසක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, මුදල් අමාත්‍යංශය පවසයි.

රු.8000 ක අල්ලසක් අරගත්, දෙදෙනෙක් මාට්ටු

රු.8000 ක අල්ලසක් අරගත්, දෙදෙනෙක් මාට්ටු

රු.8000 ක අල්ලසක් අසරණ ගොවි මහතෙකුගෙන් ලබාගත් බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිවරයෙකු හා ගොවි ජන කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ‍ගෙන ඇත. අක්කරෙයිපත්තුව, අට්ටානච්චේන ප්‍රදේශයේදී ඊයේ (28) පෙ.ව 11.20ට පමණ මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පැමිණිලිකරු විසින් මිලදී ගන්නා ලද කුඹුරක‍ට පොහොර සහනාධාරය ලබා […]

ජල නලයක් පුපුරා මාර්ගය ගිල බසී

ජල නලයක් පුපුරා මාර්ගය ගිල බසී

ඊයේ හවස අවිස්සාවේල්ල – පරණ මාර්ගයේ කඩුවෙල, වෙලේහන්දිය ප්‍රදේශයේදී ජල නලයක් පුපුරායාම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ. ලබුගම සිට කොළඹ දක්වා ජලය ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන ජල නළයක් කඩුවෙල – වෙලේහන්දිය ප්‍රදේශයේදී මෙම නලය පුපුරා ගොස් ඇත. මේ හේතුවෙන් බෝමිරිය විද්‍යාලය ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ගයේ සමහර කොටසක් ගිලා බැස ඇත. එමනිසා පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් […]

සල්ලාල ගුරුවරයා අත්අඩංගුවට

සල්ලාල ගුරුවරයා අත්අඩංගුවට

මස්කෙළිය, වතුපාසැලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර අතේ, ඊයේ පස්වරුවේ එම පාසැලේ සිසුවියන්ට එකී ගුරුවරයා ඔහුගේ නිවසේ අමතර පංතියක් පවත්වන අවස්ථාවේ මෙම සිසුවියන් සිව්දෙනාව […]

එල්.ටී.ටී.ඊය මේවාට වගකිව යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

එල්.ටී.ටී.ඊය මේවාට වගකිව යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ආර්ථික සම්බාධකවලට ලක්වීමේ බියෙන් අද ශ්‍රී ලංකාවේ ජනතාව නිදහස් වී ඇති බවත්, ජනතා පරමාධිපත්‍ය බලය යළි ස්ථාපිත වී ඇති බවයි. අගමැතිවරයා තවදුරටත්, කියා සිටියේ, පසුගිය යුධ සමයේ සිදුවූ අකටයුතුකම් සඳහා ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බවත්, ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් චෝදනා එල්ල කිරීම නොකළ යුතු බවත්ය. නවීකරණය කරන ලද […]

ආනයනික තෙල් කිලෝවක බද්ද රු 20කින් ඉහලට

ආනයනික තෙල් කිලෝවක බද්ද රු 20කින් ඉහලට

අද සිට වහාම ක්‍රියාත්මක වන පරිධි ආහාර සැකසීම සඳහා ගනු ලබන ආනයනික තෙල් කිලෝවක් සඳහා අය කරන බදු මුදල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ. මුදල් අමාත්‍යංශය පවසන්නේ, අද සිට මෙය ක්‍රියාත්මක බවයි. තවද, දේශීය පොල් කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා මෙම පියවරගෙන ඇති අතර, පෙර පැවැති රුපියල් 90ක බදු මුදල රුපියල් 110ක් වනු ඇතැයි සඳහන්ය.

බිරිය ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

බිරිය ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

සිය බිරිද ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වු පුද්ගලයෙකුට මහනුවර පළාත්බද මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. වසර පහකට ආසන්න කාලයක් විභාග වු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය මෙම දඬුවම නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 2010 වසරේ සැප්තැම්බර් මාසයේ දී නාවලපිටිය මුස්ලිම් ගම්මානයේ දී මෙම ඝාතනය සිදුව තිබුණි. […]

ළමා අපචාර වැළැක්වීමට  රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  යෝජනාවක්

ළමා අපචාර වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාව තුල සිදුවන ළමා අපචාර වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීමට කමිටුවත් පත් කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. තවද, ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී මීට අදාළ අනුමැතිය හිමිව ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. […]