Author: Lakshitha Pathirana

නවසීලන්ත අගමැති ලබන සතියේ ලංකාවේ නිල චාරිකාවක

නවසීලන්ත අගමැති ලබන සතියේ ලංකාවේ නිල චාරිකාවක

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන සතියේ දී ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරතවන බව එරට අගමැති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පෙබරවාරි 24වනදා සිට 26වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය. එම කාලය තුළ දී ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහලපෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කරනු ලැබේ. ඊට අමතරව […]

ජනපති, ජර්මන් චාන්සල්වරිය හමුවෙයි

ජනපති, ජර්මන් චාන්සල්වරිය හමුවෙයි

ජර්මනිය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබිණ. මෙම අවස්ථාවේදී දෙරටේ ජාතික ගී වාදනය කෙරුණු අතර ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමිණි. පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා දූත පිරිසේ අමාත්‍ය මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, […]

බොරතෙල් සීමා කිරීමට යයි.

බොරතෙල් සීමා කිරීමට යයි.

බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමට තෙල් නිෂ්පාදිත රටවල් 04 ක් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (16) ඩොහා නුවර පැවති ඛණිජතෙල් අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සෞදි අරාබිය, කටාර් සහ වෙනිසියුලාව මෙන්ම රුසියාවද නියෝජනය කරමින් අමාත්‍යවරුන් මීට සහභාගී වී තිබේ. දිගින් දිගටම ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලයාම පාලනය කිරීම මෙහි ප‍්‍රධාන […]

චක්‍රලේඛ නොතකා පාසල්වලට ළමුන් ඇතුළත් කරලා

චක්‍රලේඛ නොතකා පාසල්වලට ළමුන් ඇතුළත් කරලා

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කරන බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර පංති කාමරයක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද විදුහල්පතිවරුන් වෙත නියෝග ලබා දී ඇති බවයි. කෙසේවෙතත් […]

මේ වසරේ පුංචි ඡන්දය බෑ

මේ වසරේ පුංචි ඡන්දය බෑ

පළාත් පාලන මැතිවරණය මේ වස‍රේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක‍ට එක් වෙමිනි. ඒ මහතා පෙන්වා දී ඇත්තේ සීමා නිර්ණය කොමිසමේ වැඩකටයුතු තවමත් නිසි ආකාරව සිදු වී නොමැති නිසාවෙන් මේ වසර තුළදීද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම […]

ජපන් මිත්‍රත්ව පාලම අවට දැඩි රථවාහන තදබදයක්

ජපන් මිත්‍රත්ව පාලම අවට දැඩි රථවාහන තදබදයක්

තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (16) පස්වරුවේ ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් ආරම්භ කළ විරෝධතාවය අද(17) උදෑසන වන විටත් පවතී. ඒ හේතුවෙන් ජපන් මිත්‍රත්ව පාලම අවට, මීගමුපාර,බේස්ලයින් පාරේ දැඩි රථවාහන තදබදයක් අද (17) උදෑසන මේ වනවිටත් පවතී. පොලිසිය පවසනුයේ විකල්ප මාර්ග භාවිතා කරමින් ගමනාන්තය වෙත ලගාවන ලෙසයි. තොටළඟ […]

චිකාගෝ පන්නයේ වෙඩිතැබීමකින් බලපිටියේ අයෙක් මරුට

චිකාගෝ පන්නයේ වෙඩිතැබීමකින් බලපිටියේ අයෙක් මරුට

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සියලු දෙනා බලා සිටියදී සිදුවූ චිකාගෝ පන්නයේ වෙඩිතැබීමක් හේතුවෙන් අයෙකු මියගොස් තිබේ. අද(16) උදෑසන මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිගේ නඩුවට පෙනීසිටීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි අයෙක් අධිකරණ භූමියේ දී වෙඩිතබා පලාගොස් ඇත. එම වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගිය අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

දෙවියන් වහන්සේ කිව්වත් අලුත් පක්ෂයක් හැදෙන ඒක නවත්වන්න බැහැ

දෙවියන් වහන්සේ කිව්වත් අලුත් පක්ෂයක් හැදෙන ඒක නවත්වන්න බැහැ

නව පක්ෂයක් බිහිවීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේ ය. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ කළුතර, බෝඹුවල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි. වැඩි දුර අදහස් දැක්වූ එතුමා.. “අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ නැහැ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයාට නිතරම කියනවා. ටී‍වි එකේ දැක්කානේ. අපි හොද ශ්‍රී ලංකා කාරයෝ අපි කඩන්නේ […]

ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සංශෝධනයට තීරණය.

ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සංශෝධනයට තීරණය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ථෙරවාදි භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි ඇතැම් කරුණු සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව ය. පනත් කෙටුම්පතෙහි අනවශ්‍ය කරුණු කිහිපයක් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තිරණයට එළැඹි බව ඔහු පැවසී ය.