ATM යන්ත්‍රවලින් ලක්ෂ ගණන් ගත් හොරු!

ATM යන්ත්‍රවලින් ලක්ෂ ගණන් ගත් හොරු!

දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියක මුදලක් සොරාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම මුදල් සොරාගෙන ඇත්තේ හික්කඩුව, ගාල්ල සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍රවලින්.

ATM යන්ත්‍රවල පරිගණක පද්ධති හැක් කර ඒවායේ මෘදුකාංග වෙනස් කර එක් යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 4.68ක්, තවත් යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 2.75ක් සහ තවත් යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 5.7ක් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි. .

පොලීසිය පැවසුවේ, සැකකාර විදේශිකයින් පිරිසක් කැබින් තුළ සවිකර ඇති CCTV කැමරාවල ස්ටිකර් වැනි දෑ අලවා සොරකම සිදුකර ඇති බවයි.

මෙම දැවැන්ත මුදල් වංචාවට එකම පිරිසක් සම්බන්ධ බවට සැක කෙරෙන අතර හික්කඩුව, ගාල්ල සහ බද්ගම පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: