ඒ අනුව පෙරවරු 9.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර විශේෂ කටයුත්තක් ලෙස ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
ජාතික ආණ්ඩු සංකල්පය යටතේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 නොයික්මවන බවත්, අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 නොයික්මවන බවත් සඳහන් කෙරෙන යෝජනාව අද දිනයේදී අග්‍රාමාත්‍ය වරයා විසින් පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර කථානායක කරූ ජයසූරිය මහතා විසින් විපක්ෂ නායකවරයා පත්කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රකාශයද අද දිනයේ සිදු කරන බව සදහන් වේ.
Share this: