75 වන නිදහස් දිනය වෙනුවෙන් රනිල්ට සමරු කාසියක්!

75 වන නිදහස් දිනය වෙනුවෙන් රනිල්ට සමරු කාසියක්!

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් කාර්යාලය විසින් නිකුත් කරන ලද සමරු මුද්දර සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විශේෂ සමරු කාසිය ඊයේ (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

මෙම සමරු මුද්දර ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රදානය කරන ලද අතර, සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

Share this: