63,000ක් ආරක්ෂාවට – 30,000ක් නිරික්ෂණයට

63,000ක් ආරක්ෂාවට – 30,000ක් නිරික්ෂණයට

පැෆරල් සංවිධානය පවසන්නේ, මෙවර මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා නිරික්ෂකයින් 30,000 ක් පමණ නිරික්ෂණ කටයුතු සිදු කරන බවයි.

ඒ අතරින් විදේශීය නිරික්ෂකයින් 130 දෙනෙකු සිටින අතර, මුළු දිවයිනම ආරවරණය වන පරිදි මෙම නිරික්ෂණ කටයුතු සිදු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

තවද මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව සහය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවස්යි

Share this: