6 මසක් ඇතුළත වර්දනයක් නැතිනම්, මාරුව නියතයි

6 මසක් ඇතුළත වර්දනයක් නැතිනම්, මාරුව නියතයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පලාතේ සංචාරයක නිරත වන අතරතුරදී, අද උතුරු පලාතේ අධ්‍යාපන බලධාරින් මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

අදාළ සාකච්ඡා යාපනය දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ පැවති අතර, මෙහිදි පලාතේ අධ්‍යාපන ඉහළ නැංවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ විදුහල්පතිවරුන් අතර දිර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා අවදාරණය කලේ විශේෂයෙන්ම යුදමය කාලසීමාව තුළ කිළිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු ඉතා පහළ මට්ටමක පැවති බවත්, එම දිස්ත්‍රික්ක වල අධ්‍යාපනය ඉහළ නැංවීමට අවශ්‍ය සියල කටුතු කල යුතු බවත්ය.

අධ්‍යාපන අමාත්‍යංශය සහ නැවත පදිංචි කිරිමේ අමාත්‍යංශය ඒකාබද්ධව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසා තිබෙ.

තවද, ඒ සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට ද සැළසුම් කර තිබේ.

අනිවාර්යෙන්ම මාස 6ක කාලයක් තුළ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති අතර, අදාළ කාලය තුළ අධ්‍යාපනය ඉහළ නැංවීමට නොහැකි වුවහොත් එම විදුහල්පතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන බවද රනිල් වික්‍රමසිංම මහතා පවසා තිබේ.

Share this: