ජනහිතකාමී දේශපාලනඥයකු සහ හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වැනි ගුණ සමරු උත්සවය 29 වැනිදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පිලිප් ගුණවර්ධන අනුස්මරණ උත්සවයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන ගියේය.
අනුස්මරණ උත්සවයේදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ඉතිහාසඥ, විද්වත්, ජාත්‍යන්තර චිත්‍රපට සම්මානලාභී ආචාර්ය සිංහරාජ තම්මිත්ත දෙල්ගොඩ යන මහත්වරු ප්‍රධාන දෙසුම් පැවැත්වූහ.
මෙම උත්සවයේදී පිලිප් ගුණවර්ධන මහතාගේ ජීවිතය අළලා නිර්මාණය වූ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ඔහු වෙනුවෙන් කැප වූ ගීතයක් ද එළිදැක්විණි.
Share this: