30,000 ක් වැනි අඩු වැටුපකට විදේශ රැකියාවලට යන්නේ ඇයි?

30,000 ක් වැනි අඩු වැටුපකට විදේශ රැකියාවලට යන්නේ ඇයි?

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ, ශ‍්‍රී ලාංකිකයින් රුපියල් 30,000 ක් වැනි අඩු වැටුපකට විදේශ රැකියාවලට ගොස් අපාදුක් විඳින බවත් මෙවැනි තත්වයක් යටතේ අපේ රටේ කිසිඳු අයෙකුට විදේශ රැකියාවලට යාමට තමන් අනුබල නොදෙන බවත්ය.

අද (28) රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ තේ දළු කිලෝ එකක් සඳහා රු.80.00 ක සහතික මිලක් ගෙවීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කුඩා තේ වතුහිමියන්ට රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මුදල් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරිය මේ බව පැවසුවේය.

අපේ රටේ ජීවත් වෙන්න කොතෙකුත් ක‍්‍රම තියෙද්දි රු.30,000-35,000 ක් වගේ අඩු මුදලකට රට ගිහින් අපේ කාන්තාවන්ට දුක් විඳින්න වෙලා තියෙනවා යනුවෙන්, මෙහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දැක්වූහ.

තවද, අපේ රටේ වැඩිම ආදායම් රටට ගෙනෙන අමාත්‍යංශයේ අමාත්‍යවරිය විදිහට කිසි දවසක මේ තත්වය ගැන සතුටු නොවන බවත් ආඩම්බර නොවෙන බව ද පැවසිය.

අද අපේ රටේ තිබුන අභිමානය සිලෝන් ටී කියන නාමය යට ගිහිල්ලා. දේශපාලනඥයින්ගෙ අදුදර්ශි කි‍්‍රයා නිසයි සිලෝන් ටී කියන නම විනාශ වුනේ. පසුගිය කාලයේ කසල තේ සිලෝන් ටී කියලා නම් ගහලා බෙදා හැරියා. ලෝකේ කවුරුත් දැන් සිලෝන් ටී බොන්නෙ නෑ. මේකටත් දේශපාලනඥයින් මැදිහත් වුනා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය.

‘‘තේ කර්මාන්තය නොදත් බොහෝ දෙනෙක් ඒ ක්ෂේත‍්‍රයේ ඉහළ තනතුරුවලට පත්වුනා. ඒ වගේම ඒ විෂය නොදත් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධව කටයුතු කළා.

ඒ නිසා මේ තත්වය විනාශ වුනා. මම ඇත්තටම සතුටු වෙන්නේ ලෝකය ඉස්සරහ සිලෝන් ටී කියන නමට නිසි තැනක් ලැබුනොත්. ඒකට රජයක් විදිහට නිසි ක‍්‍රමවේදයක් සකසන්න ඕනේ. ඒ නිසයි පසුගිය කාලයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාත් දින 100 වැඩපිළිවෙළට තේ දළු මිළදී ගැනීමට සහතික මිලක් නියම කළේ.
සමහරු අපෙන් ඇහුවා රත්නපුර දිස්ති‍්‍රක්කයේ කෝ අපිට දෙනවා කිව්ව සහතික මිළ කියලා. මේ වැඩසටහන ටිකක් පරක්කු වෙනකොට ඒකෙනුත් දේශපාලන වාසි ගන්න උත්සහ කළා. මමත් මේ කර්මාන්තය ගැන හොඳට දන්නවා.

මම ඉපදෙන කොටත් අපේ තාත්තලාට කර්මාත්ත ශාලා දෙක තුනක් තිබුණා. ඒ නිසා මේ ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයක් මටත් තියෙනවා. කුඩා තේ කර්මාන්තය නිසා රත්නපුර දිස්ති‍්‍රක්කයේ කුඩා තේ කර්මාන්ත ශාලා 110ක් විතර තියෙනවා. ඒ හරහා ලක්‍ෂයක් විතර ජීවත් වෙනවා. ලංකාවම ගත්තොත් 650-700 ක් විතර කර්මාන්ත ශාලා තියෙනවා.

ඒ හරහා ලක්‍ෂ 5-6 ක් විතර ජීවත් වෙනවා. වර්තමානයේ තරුණ පිරිස තේ කර්මාන්තයට පිවිසෙනවා අඩුයි. මේ කර්මාන්තය මයි කාර් මයි පෙට්ට‍්‍රල් වගේ කාටත් අනනොපා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රජය යටතේ කර්මාන්තකරුවන් ආරක්‍ෂා කරන්න විශේෂ වැඩසටහන් ගණනාවක් වැවිලි කර්මාත්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා කි‍්‍රයාත්මක කරනවා.”
බව සදහන් කළහ.

Share this: