මෙරට සියලූ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 30කින් වැඩිකරන ලෙස කාන්තාව හා මාධ්‍ය සාමුහිකය දේශපාලන පක්ෂවලින් කුමුදුනි සමුවෙල් මහත්මිය ඉල්ලීමක් කරයි.
සමුවෙල් මහත්මිය අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම ගැටලුව ගැන මෙරට දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර ඇති බව සහ ඊට අදාළ නීති කෙටුම්පත් හදා කැබිනට් අනුමැතියද ගෙන ඇති බව ඇය පැවසුවාය.
ඒ අනූව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සියලුම දේශපාලන පක්ෂ පියවර ගත යුතු බව ඇය කියා සිටියාය.
Share this: