29දා නිල ඡන්ද පත්‍රිකා තැපෑලට

29දා නිල ඡන්ද පත්‍රිකා තැපෑලට

මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ, මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින් වෙත ලබාදීම සඳහා මේ මස 29 වැනිදා තැපැල් දෙපාර්තමේන්තුවට බාරදෙන බවයි.

තවද, එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අගෝස්තු මස 02 වැනි ඉරිදා සහ නව වන ඉරිදා නම් කර ඇති බව සදහන්ය.

ඒ අනුව අගෝස්තු මස 10 වැනිදා වන විට සියලු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අවසන් කිරිමට නියමිතව ඇත.

ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් දැනටමත් ආරම්භ කර ඇත.

මෙවර දිගම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ද ඊළඟ දිගම ඡන්ද පත්‍රිකාව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද මුද්‍රණය කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

Share this: