28 දෙනෙකු මිය ගිය පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්න!

28 දෙනෙකු මිය ගිය පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්න!

පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් 230 දෙනෙකු බේරාගෙන තිබේ.

බදාදා රාත්‍රියේ නෞකාවේ වායුසමනය කළ මැදිරි තුළ ගින්න ආරම්භ වූ නමුත් එය කෙසේ වූයේදැයි අපැහැදිලි බව නිලධාරීහු පවසති.

මියගිය අය අතර මාස හයක් වයසැති කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් කුඩා දරුවන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මීට පෙර නිලධාරීන් පැවසුවේ නිශ්චිත මගීන් සංඛ්‍යාවක් නොදන්නා බැවින් අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව අවිනිශ්චිත බවයි. මැනිෆෙස්ටයක ලැයිස්තුගත කර ඇත්තේ 205 ක් පමණි.

පිලිපීන වෙරළාරක්ෂක බලකාය පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර නෞකාවේ අධික බර පැටවීමේ කිසිදු සලකුනක් නොමැති බවයි.

මූලික මරණ සංඛ්‍යාව දුසිමකට වඩා අඩු සංඛ්‍යාවක් විය – මොවුන් ජීවිතාරක්ෂක ජැකට් නොමැතිව ජලයට පැනීම නිසා දියේ ගිලී මිය යන්නට ඇතැයි සැලකේ.

Share this: