ගම්පොළ ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණියක් දින පහකට පෙර අතුරුදන් වූ බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ගම්පොළ ප්‍රදේශයේ ඇල්පිටිය වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා මුනව්වර පසුගිය ඉරිදා උදෑසන අතුරුදන්ව ඇති බව වාර්තා විය.
ඇය අවසන් වරට දැක ඇත්තේ රැකියාවට යමින් සිටියදී තම නිවසේ සිට වැලිගල්ල නගරය දෙසට බසයක් සොයා පයින් යමින් සිටියදීය.
දැනට දින පහක සිට අතුරුදන්ව සිටින 22 හැවිරිදි තරුණිය ප්‍රදේශයේ ෆාමසියක රැකියාවක නිරතව සිටි අයෙකු බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.
අතුරුදන් වූ දැරිය මුලින් වැලිගල්ල නගරය දෙසට ගමන් කරන ආකාරය දැක්වෙන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ සීසීටීවී දර්ශනවලින් පසුව දැරිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොපෙන්වීමත් සමඟ ගම්පොළ පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.
එළුවන් සදහා තණකොළ කපන තැනැත්තෙක් ඇයව දුෂණය කරීමට ගොස් මරා දැමු බව පාපොච්චාරණය කර ඇත.