2048 දී රටට වෙන දේ ගැන ජනපති රනිල් කියයි

2048 දී රටට වෙන දේ ගැන ජනපති රනිල් කියයි

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මැයි 01 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කෙටිකාලීන දේශපාලනය කෙරෙහි රටේ අවධානය යොමු නොකළ යුතු බවත්, ඒ වෙනුවට අපි අනාගතය ගැන විශේෂයෙන් 2048 ගැන සිතා ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රටේ ප්‍රගතිය සඳහා නව මාවතක් සකස් කරන පක්ෂයක් බවට පක්ෂය පරිවර්තනය කරන ලෙස ඔහු සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කලේය.

ජනවාර්ගික ගැටලුවට විසඳුම් ලබාදී වසර අවසන් වන විට එකඟතාවකට පැමිණීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසෙන යෝජනාවක් සඳහා සියලු පාර්ශ්ව එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

Share this: