සැලසුම් කළ පරිදි සියල්ල සිදු වුවහොත් රුසියාවේ තාක්ෂණික සහාය ඇතිව 2032 වන විට දිවයිනේ පළමු න්‍යෂ්ටික බලාගාරය ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසයි.
පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ බව සඳහන් විය. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වෙල්ඩින් ක්‍ෂේත්‍රයේ සහ ඒ ආශ්‍රිත තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නිපුණ වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කොරියාව ඇතුළු කාර්මික රටවල මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එම ක්ෂේත්‍රයට විධිමත් සහතික සහිත පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව බවත් කමිටු සාමාජිකයින් පෙන්වා දුන්නා.