2023 වසරේදී ප්‍රංශ ජනාධිපති ඉන්දියාවට!

2023 වසරේදී ප්‍රංශ ජනාධිපති ඉන්දියාවට!

2023 වසරේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කර ඇත. න්‍යෂ්ටික බලශක්තිය පිලිබදව ඉන්දියාවේ විද්‍යා ඇමැති සහ ප්‍රංශයේ විද්‍යා ඇමැති අතර සාකච්ඡාවක් අතර තුරදී මෙය හෙළිදරව් වී තිබේ.

න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකරණය මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටුවීමට ඉන්දියාව සහ ප්‍රංශය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

ඉන්දියාව වර්තමානය වන විට ප්‍රතිපත්තියක් ලෙස න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරයක් පිහිටුවීම පිළිගෙන ඇත. 2008 වසරේදී ප්‍රංශය ඉන්දියාව සමග ලොව විශාලතම බල නිෂ්පාදන කර්මාන්තය පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වී තිබිණ.

ප්‍රංශයේ ඊ.ඩී.එෆ්. 2021 වසරේදී ඉන්දියාවේ යුරෝපා ප්‍රතික්‍රියාකාරයක් පිහිටුවීමට වෙළෙඳමය වශයෙන් තම කැමැත්ත පළකර ඇත. 2022 වසරේදී ප්‍රංශයේ ඊ.ඩී.එෆ්. ආයතනය ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ අදාළ අංශ සමග සාකච්ඡා පැවැත්වීම ආරම්භ කර ඇත.

Share this: