2023 පළමු මාස 6යේ 70%කින් ලයිට් බිල වැඩි කරන්න කැබිනට් අනුමැතිය දීලා!

2023 පළමු මාස 6යේ 70%කින් ලයිට් බිල වැඩි කරන්න කැබිනට් අනුමැතිය දීලා!

2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මණ්ඩලයේ දැනට පාඩුව පියවා ගැනීමට විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බව විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේය.

විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය ප්‍රමාණවත් නොවන බැවින් 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි.

Share this: