ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2022 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව අප්‍රේල් 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්.ජෙගජීවන් මහත්මිය සහ ආචාර්ය එල්.ආර්.සී.පත්බේරිය යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
Share this: