2022 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි!

2022 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව 2022 දී ශ්‍රී ලංකාවට පැමිණෙන මුළු සංචාරකයින් සංඛ්‍යාව 719,978 ක් පමණ වී ඇත.

2022 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 91,961ක් බව දත්ත පෙන්වා දෙයි.

2022 දෙසැම්බර් මාසයේදී රුසියානු සංචාරකයින් 19,963ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මීට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ දෙසැම්බර් මාසයේදීය. එම සංඛ්‍යාව 17,350 කි.

2022 මුළුල්ලේම, ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් එනම් 123,004ක් පැමිණ තිබේ.

එය මුළු වසර තුළ මුළු සංචාරකයින් සංඛ්යාවෙන් 17% කි.

සංචාරකයින් මිලියන 0.8 ක ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබුණි.

Share this: