2020 වසරේ ඇති වූ කැරැල්ලකදී වෙඩි තබා ඝාතනය කළ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මරණය අපරාධයක් ලෙස වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවාවිදාන මහතා සලකයි.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා බ්‍රහස්පතින්දා මේ බව සඳහන් කළේය.
වෙඩි තැබීමට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.
2020 නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ ගැටුමකින් පසු බන්ධනාගාරයෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයකදී රැඳවියන් 11 දෙනෙකු මිය ගිය අතර තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 02 දෙනෙකු තුවාල ලබා තිබුණි.
Share this: