2015 සාපෙළට අයඳුම්පත් කැඳවයි

2015 සාපෙළට අයඳුම්පත් කැඳවයි

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේ හෙට සිට ජුනි මස 20 වන දින දක්වා අයඳුම්පත් යොමුකළ හැකි බවයි.

තවද, පාසල් අයඳුම්කරුවන් සඳහා අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විට යොමුකර ඇත.

සෑම පාසලකම එම අයඳුම්පත් නිවැරදිව සම්පූර්ණ කර නියමිත දිනට පෙර විදුහල්පතිවරු විසින් නැවත විභාග දෙපාර්තමේන්තුවට යොමුකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැදවීමේ නිවේදනය හෙට පුවත්පත්වල පළ කිරීමට කටයුතු යොදා ඇත.

තවද පුවත්පත්වල දැක්වෙන ආදර්ශ අයදුම්පත අනුව තම අයදුම්පත් සකස් කර එහි උපදෙස්වලට අනුකූලව නියමිත දිනට පෙර එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙස පෞද්ගලික අයදුම්කරුවන්ට කොමසාරිස්වරයා දැනුම්දෙයි

Share this: