පැෆ්රල් සංවිධානය දැනුම් දීමක් කරනු ලබන්නේ, 2015 වර්ෂය සදහා ඡන්ද ලියාපදංචියට අද සිටම ක්‍රියා කරන ලෙසත් එය පුරවැසි ඔබ සියළු දෙනාගේ වගකීම බවත්ය.
තවද, එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ 2015 වර්ෂය සදහා ඡන්ද හිමි ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය 2015 මැයි 15 වන දින සිට ආරම්භ වී ඇති බවයි.
මේ අතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හෝ විශේෂ ගණන් ගන්නා නිලධාරිවරයා විසින් බි.සී. අකෘති පත්‍ර ගෘහ ඒකක වෙත බෙදා හැරීම දැනටම ආරම්භ කර ඇත.
ඒ අනුව බි.සී. අකෘති පත්‍රය නිවැරදිව සම්පුර්ණ කර ග්‍රාම නිලධාරිවරයාට නැවත භාර දෙන ලෙස පැෆ්රල් සංවිධානය සදහන් කරයි.
Share this: