2014 වසරේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා.
2014 ජුලි මස 03 වන දින දේවාලගම කහගල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් පස්දෙනාට චෝදනා එල්ල වී තිබුණා.
විත්තිකරුවන්ට කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (08) මරණ දඬුවම නියම කළාය.
Share this: