2008 දී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න ගිය පුද්ගලයාට සිදුවූ දේ!

2008 දී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න ගිය පුද්ගලයාට සිදුවූ දේ!

2008 සැප්තැම්බර් 01 වැනි දින කොළඹ හෝර්ටන් පෙදෙස වටරවුමේදී මගී බස් රථයක් තුළ බෝම්බයක් පුපුරුවා හැරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ඊයේ (මාර්තු 29) බරපතළ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

විත්තිකරු 67 හැවිරිදි නාගලිංගම් මදනසේකරන් නමැති අයෙකි.

මේ අතර එම චෝදනාවලටම වරදකරු වූ ධර්මලිංගම් මුහුන්දන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ද වරෙන්තු නිකුත් කළේය.

මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවටම වරදකරු වී තිබියදීත් මුහුන්දන් අධිකරණය මගහරිමින් සිටී.

මේ අනුව අදාළ නඩුව ඊයේ අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කෙරුණා.

Share this: