විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ, මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බවයි.
තවද, ඔහු පවසන්නේ අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් විය යුතු බවයි.
ඊට කැබිනට් මණ්ඩලයේ සහයෝගයද ලැබිය යුතු බව හෙතෙම පෙන්වා දෙන අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු විශාල කාර්යභාරයක් ඉටු කළ බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Share this: