19 වැනි සංශෝධනය යලි සංශෝධනය

19 වැනි සංශෝධනය යලි සංශෝධනය

පසුගියදා ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කරන ලද 19 සංශෝධනය යළි සංශෝධනය කිරීමට සිදුවූ බවද වාර්තා විය.

ඒ එම සංශෝධනයට ජාතික හෙළ උරුමය විරෝධය පළ කිරීමත් ජනතා විමුක්‌ති පෙරමුණ ඊට සංශෝධන එක්‌ කිරීමට තීරණය කිරීමත් හේතුවෙනි.

තවද මෙම සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වන අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි සඳහන්ය.
ඒ අනූව අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ සංශෝධනය ඉදිරපත් කරනු ඇතැයිද වාර්තා විය.

මේ අතර 19 වැනි සංශෝධනය යළි සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග අතර විශේෂ සාකච්ඡාවක්‌ පසුගිය සතියේ පවත්වා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, අප්‍රේල් මස තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීමටත් පසුගියදා රැස්වූ විධායක සභාවේදී ද තීරණය කර තිබුණි.

Share this: