19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම රටේ අවශ්‍ය තාවයක් – ටිල්වින් සිල්වා

19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම රටේ අවශ්‍ය තාවයක් – ටිල්වින් සිල්වා

19 වන ව්‍යවස්ථා සංශෝධනයට කෙසේ හෝ සම්මත කරගත යුතු යන අදහසේ ජනතා විමුක්ති පෙරමුණ සිටින බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු අනෙකුත් සාමාජිකයින් පවසයි.

ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඉදිරියේදී ඒ සදහා අත්‍යාවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට පැමිණ තිබිම ජනතා ජයග‍්‍රහණයකි. තවද, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එයට ඡන්දය දෙන නොදෙන අය කවුරුන්ද කියා බලාගත යුතුය.

එබැවින් මෙවැනි සංශෝධනයකට ඡන්දය නොදෙන්නේ ප‍්‍රතිගාමී පිරිස් බව ද ඔහු පැවසිය.

තවද ටිල්වින් සිල්වා මහතා පැවසා සිටින්නේ, විවිධ කණ්ඩායම්වල බාධා කිරීම්, කකුලෙන් ඇදීම්, මැද මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන්නේ බවත් තිබුණු බාධාවල හැටියට මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකියාව ලැබීමම විශාල ජනතා ජයග‍්‍රහණයක් බවත්ය.

එමෙන්ම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ස්වාධීන කොමිෂන් සභා නැවත බලගැන්වීම, යහපාලනයට අදාළ කරුණු, විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම සංශෝධනයට ඇතුළත් වීම විශාල ජයග‍්‍රහණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ දකින බවයි.

Share this: