19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම් අද (01) සිට විභාගයට ගැනීමට නියමිතව ඇත.
ඊට අවශ්‍ය අර්ථ නිරූපන ලබාදීම සඳහා ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද නම් කරණු ලැබීය.
ඒ අය නම්, අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාද් ඩෙප් අය අය වේ.
තවද, ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබිය.
ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 13 ක් ගොනු කර ඇත.
තවද, පක්ෂව සහ විපක්ෂව කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් අතරමැදි පාර්ශවකරුවන් තවත් පෙත්සම් 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති බවත් වාර්තා වේ.
Share this: