19 ය මල්වතු මහා නායක හිමියන්ට පිළිගන්වයි

19 ය මල්වතු මහා නායක හිමියන්ට පිළිගන්වයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (26) උදෑසන මල්වතු මහා විහාරයේදි මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නායක හිමිපාණන් වහන්සේ වෙත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 19වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් පිළිගැන්වීය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වූහ.

පසුව, උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

එමෙන්ම මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේට ද 19වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් පිළිගැන්වූ අතර, උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

Share this: