ඇෆ්ගනිස්ථානයේ මාර්ග උමං මාර්ගයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාබුල් අගනුවර සලාන්ග් උමං මාර්ගයේ එම ගින්නක් හටගෙන ඇති බවයි.
වාහන කිහිපයක් විනාශ වූ අතර ගින්නෙන් 32 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පැවසේ.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ගින්නට හේතුව උමං මාර්ගයේ ඉන්ධන නළයක පිපිරීමක් බවයි.
Share this: