166 මරු කැදවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට වසර 14යි!

166 මරු කැදවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට වසර 14යි!

ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් අවධාරණය කර සිටියේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි.

මුම්බායි ප්‍රහාරයේදී දිවි පිදූවන් සිහිපත් කිරීමේ අවස්ථාවෙදී ඔහු ඒ බව පවසා ඇත.

මුම්බායි ප්‍රහාරය 2008 වසරේ නොවැම්බර් මස 26 වනදා එල්ල වී මේ මස 26 වෙනිදාට වසර 14ක් සම්පූර්ණ වෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පෙන්වා දෙන්නේ මුම්බායි ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින් සහ එයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් නීතිය හමුවට ගෙනආ යුතු බවයි.

විදේශිකයන් ඇතුළුව මුම්බායි ප්‍රහාරයේදී පුද්ගලයින් 166 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

300 කට අධික පිරිසක් තුවාල ලැබූවේය.

Share this: