14 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත.
මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ මෙම දූෂණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු දොඹගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජා-අල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය පාසල් නිවාඩු කාලය තුළ දොඹගහවෙල ප්‍රදේශයේ පිහිටි නැන්දනියගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
දැරිය සිය මිත්තණිය සහ නැන්දා සමඟ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී චීවරධාරියා විසින විහාරස්ථානයේදී දැරියට ලිංගික අතවර කර ඇත.
Share this: