පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 14 වැනිදා පෙනී සිටින ලෙසට නියෝග කර ඇති බව බවයි.
ඔහුට ඇති චෝදනාව වන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර සංවර්ධනය කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රුපියල් පනස් ලක්‍ෂයක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක්. අදාළ මුදල රණතුංග මහතාගේ බිරිඳගේ ගිණුමක තැන්පත් කර ඇති බවටද චෝදනාවක් ඇතැයි සඳහන්ය.
එම මුදල ලබාදුන් බව කියන ව්‍යාපාරිකයා විසින්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.
මේ ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට මහඇමතිවරයාට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම්දී තිබූ නමුත් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස්වරයා මාර්ගයෙන් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දීමක් ද කර තිබුණි, මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙම ඉල්ලීම කර තිබුණි.