බණ්ඩාරගම ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක් දූෂණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ පෙම්වතා යැයි සැලකෙන 19 හැවිරිදි තරුණයෙකු සහ අත්අඩංගුවට ගත් අතර තරුණයාගේ ඥාතීන් ලෙස හඳුනාගෙන ඇති විවාහක යුවළක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසියට කරුණු දැක්වූ 12 හැවිරිදි දැරිය හෙළි කළේ පසුගියදා එම ප්‍රදේශයේ පැවති දන්සලකදී අදාළ තරුණයා තමන්ට හමුවී ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බවත්ය.
පසුව පිරිමි ළමයාගේ ඉල්ලීම පරිදි ඇය බැලීමට ගොස් ඇති අතර පසුව එම අඹුසැමියන්ගේ නිවසට රැගෙන ගොස් ඇති බවත්, අදාළ නිවසේ සිදුකළ පරීක්ෂණවලදී දැරිය එම අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු වූ බවත් පොලිසිය සඳහන් කළේය.
පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා දරුවා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.