04 සහ 05 යන දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබේ!

04 සහ 05 යන දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබේ!

75 වන නිදහස් සමරු වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 04 වෙනිදා දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා දැමේ.

මීට අමතරව පෙබරවාරි 05 වැනිදාට යෙදෙන පුර පසළොස්වක පොහොය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබේ.

සිකුරාදා (03) සුරාසැල් වසා තබන වේලාවේ වෙළඳසැල් වසා දැමීමෙන් පසු පෙබරවාරි 6 සඳුදා සුරාසැල් විවෘත කරන වේලාවට නැවත විවෘත කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින් ඉදිරි දින දෙක තුළ එනම් 04 සහ 05 යන දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙනු ඇත.

Share this: