හෙට රහස් පොලිසියට ගම්මන්පිල යයි

හෙට රහස් පොලිසියට ගම්මන්පිල යයි

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා කොළඔ කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථානයට හෙට(20) පැමිණීමට නියමිතය.

ඔහු එසේ පැමිණෙන්නේ, හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කළ බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනයේ තොරතුරු හෙළි කරන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමටයි.

මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ ඇමති මහචාර්ය ජී එල් පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඉකුත් ජනවාරි 09වනදා හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය රැක ගැනීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය ජනවාරි 14වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

රටතුල මහත් ආන්දෝලනයක් ඇතිකල මේ සිද්ධිය සම්බන්ධව මෙකෙත් සිදුකල විමර්ශනයෙන් සොයා ගත් කරුණු වහාම රටට හෙලි කරන මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිමට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්‍ෂ නායකයන් හෙට සවස 2.30ට කොළඔ කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමීණීමට නියමිතය.

Share this: