හෘදයාබාධවලින් වැලකීමට කෝපි ‍බොන්න

හෘදයාබාධවලින් වැලකීමට කෝපි ‍බොන්න

දිනකට කෝපි කෝප්ප 3ත් 5ත් අතර ප්‍රමාණයක් පානය කිරීම මඟින් හෘදයාබාධවලට මඟ පාදන ධමනි අවහිර වීම අවම කරන බව දකුණු කොරියාවේ සෝල් නුවර කැන්බුක් සැම්සුන් රෝහලේ (Kangbuk Samsung Hospital) අධ්‍යනයකින් පෙන්වා දී ඇත.

සාමාන්‍ය  ප්‍රමාණයක් දිනපතා කෝපි පානය කරන අයගේ ධමනි වල බිත්තියේ රැඳෙන කැල්සියම් (coronary calcium) ප්‍රමාණය අනෙක් අයට සාපේක්ෂව අඩු බව ගවේෂකයන් සොයාගෙන ඇත. එය හෘදවාහිනී රෝගවලට ඇති ඉඩ අවම කිරීමකි.

විද්‍යාඥයන් විසින් සාමාන්‍ය වයස 41ක් වූ කොරියානු පිරිමි සහ ගැහැණු 25,000කට වඩා වැඩි කණ්ඩායමක් මෙම අධ්‍යනයට භාජනය කර ඇත.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය හෘද පදනම (British Heart Foundation)  පවසා තිබුණේ මෙම අධ්‍යනය වෙනස් ආහාර හා ජීවන රටාවක් ඇති දකුණු කොරියානුවන් පදනම් කරගෙන සිදුකර ඇති නිසා එම ප්‍රතිඵල කෙරෙහි ප්‍රවේසමෙන් අවධානය යොමු කළ යුතු බවයි.

 සැකසුම සී. එදිරිමාන්න

Share this: