සෞදියේ ගල් ගසා මැරීමට නියම වූ කාන්තාව නිදහස් වෙයිද.?

සෞදියේ ගල් ගසා මැරීමට නියම වූ කාන්තාව නිදහස් වෙයිද.?

මෙම දඬුවම නියම වූ කාන්තාව මරදාන ප්‍රදේශයේ ජීවත් වී ඇති අතර රැකියාවක් සඳහා සෞදි රට වෙත ගොස් ඇත.එහිදී අවිවාහක තරුණයෙකු සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ ඇය විවාහක කාන්තාවක් බවට තොරතුරු හෙළි වී තිබෙනවා.එම සිදුවීම සෞදී රජය දැනගත් පසු කාන්තාව ගල් ගසා මැරීමටත් තරුණයා වෙත කසපහර ලබාදීමටත් ඔවුන් තීරණය කරා.

මෙම ලාංකික කාන්තාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක් විය.තවද සියලු දෙනා විරෝධය දැක්වූ පසු ඇයව නියම කරන දින ගල් ගසා නොමරා තිබූ බවට පවසනවා.
නමුත් ආපසු ඇගේ නඩුව විභාගයට ගෙන ඇති බවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාඅත්‍ය ආචාර්ය හර්ෂ ද් සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී කරුනු දක්වමින් අමාත්‍ය වරයා ප්‍රකාශ කර ඇත්තේ සෞදියේ ශ්‍රීලංකා තානාපති කර්යාල මණ්ඩලය විසින් එම කාන්තාව සමඟ දීර්ඝව කතා කර ඇති බවයි.
සෞදි අභියාචනාධිකරණයෙන් ලැබූ නියෝගය ප්‍රාදේශිය අධිකරණය හා ශ්‍රීලංකාවේ මැදිහත් වීම මගින් මෙම නඩුව නැවත් විභාග කිරීම සඳහා ගෙන ඇති බවට අමාත්‍ය වරයා පැවසූවා.තවද එම නඩුවට යන සියලු වියදම් විදේශ අමාත්‍යාංශයේ මගින් සිදුකර එම නඩුවේ තීන්දුව වෙනස් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියා.
7510-stone-to-death-sri-
lankan-women-in-saudi-update-4101137686

Share this: