සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ එම නඩුවේ චූදිතයකු වූ ප්‍රේමසිරි පරමාන යන මහත්වරුන්ට බරපතල වැඩ ඇතිව වසර 05 ක සිර දඬුවමක් ලබා දෙන්නැයි හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (02) නියෝග කළේය.

නඩුවට අදාල සෙසු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තුවාන් රම්සාන්, මධූෂ නිලාන්, බිංදු ශ්‍රී වර්ණසිංහ යන තිදෙනා මෙලෙස නිදොස් කෙරිණි.

2014 වසරේදී හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගල් මුල්වලින් පහර දීම, සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජන කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුනට එල්ල වී තිබිණි.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ යූර් ආර්ද සිල්වා, පැමිණිල්ල රජයේ අධි නීතීඥ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දීලීප පීරීස් සහ නීතීඥ ගයාන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.

Share this: