සියළුම  නීතිවිරෝධී මත්පැන් අලෙවිසල් වැසේ

සියළුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසල් වැසේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයක් අනුව මත්පැන් අලෙවිසල් හරහා අලුතින් බලපත්‍ර ලබානොදෙන බවද, එළඹෙන වෙසක් පොහොයට පෙර සියළුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසල් වසා දැමීමට ක්‍රියාකළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

මත්පැන් අලෙවිසල් පවත්වා ගෙන යන කිසිම දේශපාලඥකුට ඉදිරි මහා මැතිවරණයේදී නාමයෝජනා ලබානොදෙන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඊයේ(2) පස්වරුවේ අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  කරුණාරත්න පරණවිතාන මහතා එහිදි පැවසුවේ, මතින් තොර සමාජයක් බිහිකර ගැනීමේ  ප්‍රතිපත්ති  ඉදිරියටම ගෙනයාමට මාධ්‍යයට විශාල වගකීමක් පැවරී ඇති බවයි.

සියළු මාධ්‍ය සම්බන්ධ කරගනිමින් ඊට අදාළ විශේෂ වැඩසටහන් රැසක් ඉදිරිපත්කිරීමටද බලාපොරොත්තු වෙන බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ කාර්යසාධක කමිටුවක්ද පත්කොට ඇති බවත් ය.

Share this: