ස්නයිපර් ගිනි අවි , ටී56 ගිනි අවි කොටස් පාලමක් යටින් සොයා ගනී

ස්නයිපර් ගිනි අවි , ටී56 ගිනි අවි කොටස් පාලමක් යටින් සොයා ගනී

කොස්ගොඩ රංවල පාලම ( ඇස්වත්ත පාලම) යට සඟවා තිබූ ස්නයිපර් ගිනි අවි ටී 56 ගිනි අවි ඇතුළු අවි කිහිපයක කොටස් තොගයක් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන අංශය මගින් සොයාගෙන තිබේ.

පාලමේ යට අඩි 5 ක් පමණ ගැඹුරු දියේ සඟවා තිබු මෙම ගිනි අවි කොටස් අතර ස්නයිපර් ගිනි අවි 2 ක්, ටී 56 ගිනි අවි කොටස් බොර 12 ගිනි අවි කොටස් සහ ස්නයිපර් ගිනි අවි උණ්ඩ 9 ක්, ටී 56 මැගසින් කොටස් 6 ක් තිබූ බවද විශේෂ කාර්ය බලකාය කියයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව කළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මේවා මීට මාස දෙක තුනකට පමණ පෙර පොහොර උරවල බහා ගඟට විසි කරන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.

Share this: