සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි

සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share this: