සංගාට-මාලිංගට විස්ඩන් ගෞරව

සංගාට-මාලිංගට විස්ඩන් ගෞරව

ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැරැණිතම සඟරාව වන විස්ඩන් සඟරාව මගින් නම් කළ දශකයේ ක්‍රිකට් කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ඇතුළත් වෙති. වසර 2010 සිට 2019 නිමාව දක්වා දශකය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් සමන්විත දශකයේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 කණ්ඩායම් පසුගියදා එම සඟරාව මගින් නම් කළ අතර එහිදී ටෙස්ට් කණ්ඩායමට කුමාර් සංගක්කාරත්, එක්දින හා විස්සයි20 කණ්ඩායමට ලසිත් මාලිංගත් ඇතුළත් කර ඇත.

විස්ඩන් දශකයේ ටෙස්ට් කණ්ඩායම

විරාත් කෝලි (නායක), ඇලෙස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කුමාර් සංගක්කාර, ස්ටීවන් ස්මිත්, බෙන් ස්ටොක්ස්, ඒ.බී.ඩිවිලියර්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, කගීසෝ රබාඩා, ජේම්ස් ඇන්ඩර්සන්,

විස්ඩන් දශකයේ එක්දින කණ්ඩායම

රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර් (නායක), විරාත් කෝලි, ඒ.බී.ඩිවිලියර්ස්, ජොෂ් බට්ලර්, මහේන්ද්‍ර සිං දෝනි, ශකීබ් අල් හසන්, ලසිත් මාලිංග, මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඩේල් ස්ටේන්.

විස්ඩන් දශකයේ විස්සයි20 කණ්ඩායම

ඒරන් ෆින්ච් (නායක), කොලින් මුන්රෝ, විරාත් කෝලි, ශේන් වොට්සන්, ග්ලෙන් මැක්ස්වෙල්, ජොෂ් බට්ලර්, මොහොමඩ් නබි, ඩේවිඩ් විලි, රෂීඩ් ඛාන්, ජස්ප්‍රිට් බුම්රා, ලසිත් මාලිංග.

Share this: