ශ්‍රීලනිපය පස් දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කරන්න යයි

ශ්‍රීලනිපය පස් දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කරන්න යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ ශ්‍රීලනිපය හැරගිය පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස සාමාජිකයින් විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා ඇති බවයි.

‘යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ’ සමග එක්වූ රාජිත සේනාරත්න,එම්.කේ.ඩී.එස් ගුණවර්ධන,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,අර්ජුන රණතුංග,වඩිවේල් සුරේෂ් එම පස් දෙනයි.

ඊයේ(15) රාත්‍රීයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වන බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබිණි. එහෙත් කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් කොළඹ දිසා අධිකරණය‍ට කරුණු දක්වමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුමකින් තොරව මධ්‍යම කාරකසභාව රැස්කිරීම නීති විරෝධී බව පවසා ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇත.

Share this: