විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට සහ නිලධාරින්ට ශිෂ්‍ය ගැටළු මඟ හැරිය නොහැකියි.

විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට සහ නිලධාරින්ට ශිෂ්‍ය ගැටළු මඟ හැරිය නොහැකියි.

නව රජය අද වන විට විශ්ව විද්‍යාලවලට සම්පුර්ණ නිදහස ලබා දී ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වර්තමානයේ වන විට විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට සහ නිලධාරින්ට ශිෂ්‍ය ගැටළු මඟ හැරිය නොහැකි බවත් විශයභාර අමාත්‍යවරයා ලෙසින් ඔවුන්ට අවශ්‍ය නිදහස තමන් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කොළඹ ගලධාරි හෝටලේ පැවැති වැඩමුළුවකට එක්වෙමිනි.

විශ්ව විද්‍යාල හා ව්‍යාපාරික ආයතනවල අතර සහයෝගිතාවය ඇති කිරීම පිළිබදව පැවැති මෙම වැඩමුළුව Higher Education for the twenty First Century (HETC)Project මගින් සංවිධාන කරන ලදි.

ලෝක ප්‍රජාව නැවත ශ්‍රී ලංකාව දෙස හැරී බැලීමට පටන් ගෙන ඇති බවත් වර්තමානයේ රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසිය.

Share this: