විපක්‍ෂ නායක ධුරය සජිත්ට… යෝජනාව කථානායක කරු පිළිගනී… පක්‍ෂ නායකත්වය ගැන තීරණය මීළ`ග එජාප සම්මේලනයේදී

විපක්‍ෂ නායක ධුරය සජිත්ට… යෝජනාව කථානායක කරු පිළිගනී… පක්‍ෂ නායකත්වය ගැන තීරණය මීළ`ග එජාප සම්මේලනයේදී

රැස්වීම අවසානයේ සජිත් සිරිකොතින් නික්ම යමින්…

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (05 වැනිදා) සවස ඒකමතිකව තීරණය කර ඇත.

පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත හිදී ඊයේ සවස පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

පක්‍ෂයේ නායකත්වය පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගනු ලබ බව මෙහිදී වත්මන් පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්දී ඇත.

එය ඉදිරියේදී කැඳවනු ලබන එජාප පක්‍ෂ සම්මේලනයේදී තීරණය කළ හැකි බවද ඒ මහතා දැනුම් දී තිබේ.

ඊයේ පස්වරු 3.00 ට සිරිකොතදී එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූ අතර එහිදී පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විපක්‍ෂනායක ධුරයට සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනා කරනු ලැබීය. එම යෝජනාවට එරෙහිව කිසිදු මන්ත‍්‍රීවරයෙකු විරෝධය පළ නොකළ අතර සියලූ දෙනා එම යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබූහ.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ පක්‍ෂය පවරන වගකීම් තමන් දැරීමට සූදානම් බවත් විපක්‍ෂනායක ධුරයට අදාළ සියලූ වගකීම් තමන් වෙත නිසි පරිදි ලැබිය යුතු බවත්ය.

ඊට පිළිතුරු ලෙසින් පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන්කර ඇත්තේ විපක්‍ෂනායක ධුරයට සජිත් පේ‍්‍රමදාස මහතා නම් කරන බවට නිල ලිපිය කථානායකවරයා වෙත භාරදෙන ලෙස තමා පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් දුන් බවයි.

ඒ අනුව පක්‍ෂ මහලේකම්වරයා විසින් විපක්‍ෂනායක ධුරයට අදාළ පක්‍ෂය විසින් සකස් කළ ලිපියට අත්සන් තබා ඇත.

මේ අතර කථානායක කාර්යාලය ඊයේ රාත‍්‍රියේ සඳහන් කළේ සජිත් පේ‍්‍රමදාස මහතා විපක්‍ෂ නායක ලෙස පත් කිරීම කථානායක කරු ජයසූරිය මහතා විසින් පිළිගත් බවය.

Share this: